
යාල ඇතුලේ රැයක් ගතකරමු
අපි මේ adventurous සෆාරිය පටන් ගන්නේ තිස්සමහාරාමයෙන්. උදේ 10.30 වෙද්දී ඔයාල අපේ තැනට ඇවිල්ල ඉන්න ඕනේ. අපි 11 වෙද්දී තිස්සමහාරාමයෙන් පිටවෙනවා. ඔයාලගේ වාහන පාර්ක් කරන්න අපි තැනක් ලෑස්ති කරලා තියෙන්නේ.
11 ට ටව්මෙන් පිටඋනහම 11.40 වෙද්දී අපි පාර්ක් එකේ එන්ට්‍රන්ස් එක ගාව. ටිකට් ටික අරගෙන අපිට කෙලින්ම අපේ camping site එකට යනව. 12 ඉදල 2 වෙනකම් පාක් එක ඇතුලේ සෆාරි කරන්න තහනම් – ඒ සත්තු ගැන හිතල. අපිට ඒක අදාල වෙන්නේ නෑ මොකද අපි කෙලින්ම tent site එකට යන හින්ද. අපි සෆාරි ජීප් දෙකක් අරගෙන යනවා. එකක් කැලේ ඇතුලේ මොනවා හරි අකරතැබ්බයක් උනොත් අපිට stanby වාහනයක් ඕනේ නිසා. ජංගම සිග්නලුත් නැති වෙන්න පුළුවන් සමහර තැන්වල. අනික තමයි tent ටිකයි, උයන පිහන උපකරණයි, folding mattresses, අපේ chefයි ඔය ඔක්කොම එකම ජීප් එකේ යන්නත් අපහසුයිනේ.
දවල් 1 වෙද්දී site එකට යන්න තමයි ප්ලැන් එක. අපිත් එක්ක වනජීවී එකේ මහත්තයෙකුත් මේ වෙද්දී ජීප් එකේ ඉන්නවා. site එකට ගියපු ගමන් අපිත් එක්ක යන දෙන්නෙක් පටස් ගාල හොදට උනුවට තේ එකක් හදල දෙනවා ඔයාලට. ඒ 2 ට අපේ පලවන සෆාරි එක පටන් ගන්න ඉස්සෙලා. ඔයාල මොනවා හරි ගෙනවානම් දවල්ට කන්න මේක තමයි වෙලාව. site එක ලෑස්ති කරන ගමන් ටෙන්ට් ටික ගහන්න එයාලට වෙලාව තියනවා අපි සෆාරි කරන වෙලාවේ.
පලවෙනි සෆාරි එක
පලවෙනි දවසේ හවස 2 කේ ඉදල 6 වෙනකම් අපි අපේ පලවෙනි සෆාරි එක යනවා. නැවතත් අපි අපේ site එකට එනකොට, tent ටික ගහල රෑට BBQ dinner එක හදල තියන්නේ. ඔයාලට තියෙන්නේ දවසේ මහන්සිය නිවාගන්න මැණික් ගගෙන් නාගෙන වාඩි වෙන්න විතරයි. කැලය සත්තුන්ගෙනේ. අපිට උන්ට බදා නෙවෙන විදිහට රාත්‍රිය ගත කරන්න වෙනව. Camp fire එකක් අපේ කටිටිය සෙට් කරලා තියන එකේ, folding chairs වලයි පැදුරු වලයි වටේට වැඩි වෙලා ඔයාල ගෙනල්ල තියන දෙයකුත් සප්පායම් වෙන්න පුළුවන්. ඔයාලට සින්දු කියන්නයි, නටන්නයි, music play කරන්නනම් දෙන්න බෑ අද. වේලාසන නින්දට යන්න ඕනේ, මොකද හෙට පාන්දරම අපේ දෙවැනි සෆාරි එක තියන හින්ද.
දෙවෙනි සෆාරි එක
පාන්දර 5.30 විතර නැගිටලා, අපි biscut එකක් එක්ක තේ එකක් එහෙම බීල ආයෙත් උදේ සෆාරි එක පටන් ගන්නවා. අපි වටේ ගිහිල්ල 9 ට විතර camp site එකට එනකොට උදේ කෑම ලෑස්තියි. මේ වෙද්දිත් බඩු වලින් කොටසක් ජීප් එකට පටවලයි තියෙන්නේ. අපි උදේට පොල් රොටියි, සම්බෝලයි, කිරි මාලුවකුයි ලෑස්ති කරනවා. අපි කෑම කාල තේ එකක් බීල campsite එකට සමුදෙනවා. පොතේ හැටියට, අපි දවල් 12 වෙද්දී යාල වන උද්‍යානයෙ පිටවීම් දොරටුව ගාව ඉන්න ඕනේ. අප හෙමිහිට හෙමිහිට අපේ රටේ තියෙන මේ මනරම් ජයිව පද්ධතිය රස විදින ගමන් සත්තුත් බලන ගමන්, යාලෙන් එලියට එනවා. අපේ වනජීවී එකේ මග පෙන්වපු මහත්තයටත් ස්තුතියි කියන්න අමතක කරන්න එපා.
12.40 විතර වෙද්දී අපි ඔයාලව ඔයාලගේ වාහන තියන තැනට ගෙනල්ල දානව. ආයෙත් ඉතින් ඊලග adventure එකෙන් අපි හමු වෙනකම් සමු ගන්නවා.
Facts Corner 1
Opening Time : 0600 – 1800
Closed during : 1 Sep – 15 Oct (usually)
Entry points :
Gate I – Katagamuwa
Gate II – Palatupana

යාල ඇතුලේ රැයක් ගතකරමු
Best season : Jan – Mar & May – Aug
Available : Daily
Arranging time needed : 2 days
Hottest month : April & May
Starting time : 11 AM
Starting point : Tissamaharama (Tissa)
End time : 12 Noon next day
Tenting site : Warahana / Kosgasmankada – We reserve the right to choose the site according to local eventualities
Price Includes
- 2 safari jeeps for transport & logistics
- Two game drives (afternoon & early morning)
- Park entrance tickets
- Tented accommodation (twin sharing)
- Sleeping gear (mattresses & bedding)
- BBQ dinner
- Breakfast
- Tea & coffee
- Professional wildlife guide / officer
- Drinking water
- Government taxes
Child Policy
- Aged 6–12: Child rate applies
- Below 6: Free of charge (subject to safety conditions)
Restrictions
- Do not wander inside the park without wildlife officer permission
- Do not leave plastics or waste behind
- Do not feed wild animals
- Follow guide instructions at all times
- Maintain silence during wildlife encounters


Recommended to Bring
- Light cardigan for early morning cold
- Hat and sunglasses
- Sunscreen
- Camera
- Binoculars
- Comfortable outdoor clothing
- Personal essentials
Adds On
- Local naturalist / wildlife expert upgrade
- Private safari jeep upgrade
- Photography guide service
- Extended extra night camping option
- Premium tent setup upgrade
Experience Highlights
- Overnight camping inside Yala National Park wilderness
- Two guided safaris (afternoon & early morning)
- High chance of elephant and leopard sightings
- Bonfire BBQ dining in the wild
- Authentic off-grid nature experience
- Sleep inside protected national park environment
- Professional wildlife-guided exploration
Your Feedback Matters
Our drivers and service providers are instructed not to promote unrelated activities or encourage unnecessary shopping stops. We appreciate your feedback and reviews on Google after your experience.
We Love Holiday Planning!
Let us help you create unforgettable wildlife, safari, and adventure experiences across Sri Lanka with personalized itineraries and trusted local expertise.




Reviews
There are no reviews yet.