Night Camping in Yala National Park – 2 Days – For Sri Lankan Citizens Only

From: 309$

ඔයාලත් කැමතිද යාල ගණ වනාන්තරය ඇතුලේ tenting සෆාරි එකකට? අපි යාල වන උද්‍යානය ඇතුලේ, මැණික් ගග ගාව, tent ටිකක් ගහල හවස සෆාරි එකකුයි උදේ සෆාරි එකකුයි කරනව. රෑ නවතින්නේ යාල ඇතුලේ අපි අරගෙන ගිහිල්ල ගහන tents වල. අපි ඔයාලට සියලුදේ සපයනවා.
මග පෙන්වන්න සහ ආරක්ෂාවට යාල වන උද්‍යානයේ මාර්ග උපදේශකයෙක් අපිත් එක්ක එකතු වෙනවා.
දැන්ම ඔබගේ දිනය වෙන්කරවා ගන්න.
මුදල USD වලින් පෙන්නුවට රුපියල් වලින් ගෙවන්න පුළුවන්.
(Updated on : 10 Jan 2024)

Yala National Park Sri Lanka
Sloth Bear Wilpattu National Park Sri Lanka
Fishing Cat Yala Wildlife National Park
Sithulpawwa Sri Lanka
Crocodiles Muthurajawela Marsh Sri Lanka
Wilpattu National Park - Sri Lanka
cctsrilanka.com_.YalaNationalPark-Map
Yala National Park Sri Lanka
Sloth Bear Wilpattu National Park Sri Lanka
Prionailurus Viverrinus
cctsrilanka.com-Tissamaharama-Yala-National-Park-Sithulpawwa
Crocodiles Muthurajawela Marsh Sri Lanka
cctsrilanka.com-Anuradhapura-Kalpitiya-Wilpattu-Wilpattu-National-Park-3
previous arrow
next arrow

intro

අපි මේ adventurous සෆාරිය පටන් ගන්නේ තිස්සමහාරාමයෙන්. උදේ 10.30 වෙද්දී ඔයාල අපේ තැනට ඇවිල්ල ඉන්න ඕනේ. අපි 11 වෙද්දී තිස්සමහාරාමයෙන් පිටවෙනවා. ඔයාලගේ වාහන පාර්ක් කරන්න අපි තැනක් ලෑස්ති කරලා තියෙන්නේ.

11 ට ටව්මෙන් පිටඋනහම 11.40 වෙද්දී අපි පාර්ක් එකේ එන්ට්‍රන්ස් එක ගාව. ටිකට් ටික අරගෙන අපිට කෙලින්ම අපේ camping site එකට යනව. 12 ඉදල 2 වෙනකම් පාක් එක ඇතුලේ සෆාරි කරන්න තහනම් - ඒ සත්තු ගැන හිතල. අපිට ඒක අදාල වෙන්නේ නෑ මොකද අපි කෙලින්ම tent site එකට යන හින්ද. අපි සෆාරි ජීප් දෙකක් අරගෙන යනවා. එකක් කැලේ ඇතුලේ මොනවා හරි අකරතැබ්බයක් උනොත් අපිට stanby වාහනයක් ඕනේ නිසා. ජංගම සිග්නලුත් නැති වෙන්න පුළුවන් සමහර තැන්වල. අනික තමයි tent ටිකයි, උයන පිහන උපකරණයි, folding mattresses, අපේ chefයි ඔය ඔක්කොම එකම ජීප් එකේ යන්නත් අපහසුයිනේ.

දවල් 1 වෙද්දී site එකට යන්න තමයි ප්ලැන් එක. අපිත් එක්ක වනජීවී එකේ මහත්තයෙකුත් මේ වෙද්දී ජීප් එකේ ඉන්නවා. site එකට ගියපු ගමන් අපිත් එක්ක යන දෙන්නෙක් පටස් ගාල හොදට උනුවට තේ එකක් හදල දෙනවා ඔයාලට. ඒ 2 ට අපේ පලවන සෆාරි එක පටන් ගන්න ඉස්සෙලා. ඔයාල මොනවා හරි ගෙනවානම් දවල්ට කන්න මේක තමයි වෙලාව. site එක ලෑස්ති කරන ගමන් ටෙන්ට් ටික ගහන්න එයාලට වෙලාව තියනවා අපි සෆාරි කරන වෙලාවේ.

පලවෙනි දවසේ හවස 2 කේ ඉදල 6 වෙනකම් අපි අපේ පලවෙනි සෆාරි එක යනවා. නැවතත් අපි අපේ site එකට එනකොට, tent ටික ගහල රෑට BBQ dinner එක හදල තියන්නේ. ඔයාලට තියෙන්නේ දවසේ මහන්සිය නිවාගන්න මැණික් ගගෙන් නාගෙන වාඩි වෙන්න විතරයි. කැලය සත්තුන්ගෙනේ. අපිට උන්ට බදා නෙවෙන විදිහට රාත්‍රිය ගත කරන්න වෙනව. Camp fire එකක් අපේ කටිටිය සෙට් කරලා තියන එකේ, folding chairs වලයි පැදුරු වලයි වටේට වැඩි වෙලා ඔයාල ගෙනල්ල තියන දෙයකුත් සප්පායම් වෙන්න පුළුවන්. ඔයාලට සින්දු කියන්නයි, නටන්නයි, music play කරන්නනම් දෙන්න බෑ අද. වේලාසන නින්දට යන්න ඕනේ, මොකද හෙට පාන්දරම අපේ දෙවැනි සෆාරි එක තියන හින්ද.

පාන්දර 5.30 විතර නැගිටලා, අපි biscut එකක් එක්ක තේ එකක් එහෙම බීල ආයෙත් උදේ සෆාරි එක පටන් ගන්නවා. අපි වටේ ගිහිල්ල 9 ට විතර camp site එකට එනකොට උදේ කෑම ලෑස්තියි. මේ වෙද්දිත් බඩු වලින් කොටසක් ජීප් එකට පටවලයි තියෙන්නේ. අපි උදේට පොල් රොටියි, සම්බෝලයි, කිරි මාලුවකුයි ලෑස්ති කරනවා. අපි කෑම කාල තේ එකක් බීල campsite එකට සමුදෙනවා. පොතේ හැටියට, අපි දවල් 12 වෙද්දී යාල වන උද්‍යානයෙ පිටවීම් දොරටුව ගාව ඉන්න ඕනේ. අප හෙමිහිට හෙමිහිට අපේ රටේ තියෙන මේ මනරම් ජයිව පද්ධතිය රස විදින ගමන් සත්තුත් බලන ගමන්, යාලෙන් එලියට එනවා. අපේ වනජීවී එකේ මග පෙන්වපු මහත්තයටත් ස්තුතියි කියන්න අමතක කරන්න එපා.

12.40 විතර වෙද්දී අපි ඔයාලව ඔයාලගේ වාහන තියන තැනට ගෙනල්ල දානව. ආයෙත් ඉතින් ඊලග adventure එකෙන් අපි හමු වෙනකම් සමු ගන්නවා.

On Google Map, you could clearly see the route to destination, local excursions and tourist interests. To have a clear view click "  " and then un-click "  " irrelevant layers.

Facts Corner 1


Opening Time : 0600 - 1800


Closed during : 1 Sep - 15 Oct (usually)


Entry points :
Gate I - Katagamuwa
Gate II - Palatupana


Recent reviews

Specifics about this tented night safari experience

Best season : Jan - Mar & May - Aug
Available : Daily
Arranging time needed : 2 days
Hottest month : April & May

Starting time : 11 AM
Starting point : Tissamaharama (Tissa)
End time : 12 Noon next day
Tenting site : Warahana / Kosgasmankada - We reserve the right to choose the site according to local eventualities

Restrictions : No wondering inside the park without the permission of wildlife officer / Do not leave plastics behind / Please do not feed wild animals.

Price includes : 2 safari jeeps / 2 half day safaries from the tented site / Entrance tickets / Tents (2 sharing basis) / All sleeping gear including folding mattresses / BBQ dinner / Next day breakfast / Tea & coffee / Proffessional wildlife officer / Water / All Gov taxes.

Child price : Aged 6 - 12 is considered a child

Optional : A well-spoken local animal expert could be arranged with an additional fee.

You may bring : Cardigan for morning breeze Hat and sun glass / Sun cream / Camera / Binocular

Feedback us : Our drivers and service providers are advised not to promote any other activities or nudging you for shopping. Please leave your feedback on Google.


We love holiday planning!

Some Videos

Reviews

There are no reviews yet.

Be the first to review “Night Camping in Yala National Park – 2 Days – For Sri Lankan Citizens Only”

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.